Personal Campaign

Deshapriya Nanayakkara

Deshapriya is gathering 100 votes to

Make Healthy Food Accessible To Everyone

පෘතුවි ජනයා බිලියන 4 ට ආසන්න වීමට පෙර 1940 දී USAID හි අධ්‍යක්‌ෂක වරයකු වූ විලියම් එස් ගෝර්ඩ් (willim s.Gaud) -විසින් පළමුවෙන්ම “හරිත විප්ලවය ”යන යෙදුම ලෝකයාට හදුන්වා දෙනුයේ මෙසේ ප්‍රකාශ කරමිනි .පෘතුවි ගෝලයේ නව්‍ය විප්ලවයක් සිදු වීමට යන අතර එය රුසියාවේ මෙන් රතු විප්ලවයක් නොවන අතර ඉරානයේ මෙන් සුදු විප්ලවයක් ද නොවේ , මා ඔබට එය හදුන්වාදෙනුයේ “හරිත විප්ලවය ”වශයෙනි .විලියම් ගෝර්ඩ් 1977 මිය යන තුරු එක්සත් ජාතීන්ගේ ජනගහන අර්බුද කමිටුවේ ක්‍රියාකාරී බලවත් නිලධාරියෙකි . නෝර්මන් එර්නස්ට් බොර්ලොග්, ගේ - (Norman ernest borlaug) -හරිත විප්ලවය, 1970 දශකයේදී ගෝලිය පොදු ජනයා දුටුවේ ආශිර්වාදයක් ලෙසනි. නමුත් හරිත විප්ලවය හරහා මුලු පෘතුවියේම සාම්ප්‍රදායිකයික ගොවිතැනත් , පෘතුවිය , සොබාදහම, විශ්ව චක්‍රාවාට අතර මිනිස් සංහතියට තිබු සබදතාත් විනාශ විය. සැබවින්ම ඉන් පසුව පෘතුවි වාසි මිනුසුන් පෘතුවියේ බෝඩින් කාරයෝ බවට‍ පත් වී ඇත . බෝඩින් කාරයෝ වූ මිනිසුන්ට සිදුවූ බරපතලම අභියෝගය වනුයේ ආයුෂ අඩු වීමය .නමුත් ඒ පිළිබද අපේ අවධානය තාමත් යොමු නොවීම කනගාටුදායකය. ආයුෂ කෙටි වූ ජනතාවගේ ඉඩම් ද අහිමි විය.අද වන විට ලෝක බැංකුවේ අධාර යටතේ ක්‍රියාත්මක වන “ බිම් සවිය”වැඩසටහනද මැල්තිසියානුවාදීන්ගේ අරමුණුවලට ඉනිමං තිබිමකි .මක්නිසාද යත් ගෝලයේ සාම්ප්‍රදායික දෙපළ හිමිකරුවන්ගේ ඉඩම් වල අයිතීන් තාමත් නිරවුල් වී නැත .නමුත් උක්ත වැඩ සටහනින් අපේක්ෂා කරණුයේ ඔප්පුව ,පිභුර ආදී සියලු තොරතරු සටහන්වූ කාර්ඩ් පතක් ඉඩම් හිමිකරුවන්ට නිකුත් කිරීමය .බැලු බැල්මට උක්ත ක්‍රමය ඉතාමත් හොද බව පෙනේ . නමුත් ඉන්පසුව අවශ්‍ය කුමන දේපලක් වුවත් ගෝලිය ප්‍රාග් ධන ආයෝජකයන්ට මෙන්ම ආක්‍රමණික ආගමික ආයෝජකයන්ට මිලදී ගැනීමට පහසු වනු ඇත . මේ දෙවර්ගයම සුදු හම ඇති ජාතීන්ය. ඊට අමතරව ඔවුන්ගේ සාම්ප්‍රදායික ගොවිතැනද.සාම්ප්‍රදායික වෙදකමද ,සාම්ප්‍රදායික යහපවත්ම්ද,සම්ප්‍රදායීක චින්තනයද ඔවුන්ට නැති විය.උතරු ගෝලිය ආර්ථික අධිරාජ්‍යවාදය විසින් වෙළද පොළ සමාජයට හදුන්වා දුන් නොයෙක් පාරිභෝගික භාන්ඩ හේතුවෙන්ම නොයෙක් මාදිලියේ රෝගාබාධ පෘතුවි ජන සමාජයට වැළදුණි.එම සියලු රෝග සදහා අවශ්‍ය බෙහෙත් වර්ග සියල්ල නිෂ්පාදනය කරණුයේ සුදු හම ඇති ජාතීන්ගේ සංස්ථායික සමාගම් ජාලය විසිනි . එසේ නැතහොත් නැති වූ සියල්ලට ආදේශක වුයේ ජනගහන වර්ධන වේගය අවම කිරීමේ යටි අදහසින් සුදු හම ඇති ජාතින් විසින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරණ නොයෙක් මාදිලියේ නොයෙක් නිෂ්පාදනයන්ය . යටත් විජිතකරණයෙන් මේ සියලු දේ ආරම්භ වූවත්, ඉතිරි වී තිබු බොහෝ දේ විනාස වුයේ පාරිභෝගික සමාජය අපව මිරිකා හසු කරගත් පසුවය .. හරිත විප්ලවය හරහා ගෝලය සිසාරා ව්‍යප්ත වූ වස විස අපමණය . විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබද ඇතිවී තිබෙන අරගලය අද්‍යතනව ඉතා තදින් දකුණු ගෝලය දෙසට හමා එන කුණාටුවකි . බංගලාදේශය උක්ත කුණාටුවට දැනටමත් හසු වී ඇත .බංගල දේශයේ ෆෙර්හාර්ඩ් මාර්ස් (ferhrd mars) පවසනුයේ එක්සත් ජන පදයේ සමාගමක් පොහොර ලෙස ව්‍යාජව සකස් කළ විෂ අප ද්‍රව්‍ය බංගලිදේශයට පමණක් නොවැ , ඔස්ට්‍රේලියාවටද යවා ඇති බවය . රසායනික ද්‍රව්‍ය භාවිතව නිසා දුකට පත් වනුයේ ගොවි ,කම්කරුවන් පමණක්ම නොවේ .අද්‍යතනව ගෝලය සිසාරා ජිවත් වන මිනිසුන් ආහාරයට ගන්නා බොහෝ ආහාර වල වැඩි කොටසක උක්ත අවදානම ඇත .අධි තාක්ෂණික කෘෂිකර්මය ආරම්භ කළ වස චක්‍රයේ ප්‍රතිපල අද්‍යතන ගෝලිය ජනයා මරණ මංචකයට කැදවා ඇත .(Mark hertsgaard, A world Awash in Chemicals ) ඇන්ග්ලෝ ප්‍රංශ පරිසර විද්යාඥ එඩ්වර්ඩ් ගෝල්ඩ්ස්මිත් (Rene David Edward Goldsmith 1928-2009) ප්‍රකාශ කර ඇත්තේ “අද්‍යතන පොළොවේ ජිවත් වන සැම ප්‍රාණියෙකුගේම සිරුර තුල කෘෂිකාර්මික හා කාර්මික රසායන ද්‍රව්‍යය ස්වල්පයක් සැගවී ඇත ,.මේවා යින් බොහොමයක් පිලිකා ජනක හෝ විකුර්තිකාරක බවයි .උක්ත රසායනික ද්‍රව්‍ය වැඩිපුර භාවිතා කිරීම නිසා ඇතිවිඇති පාරීසරික විෂමතා හේතුවෙන් ගෝලය සිසාරා ජිවත්වන පිරිමින්ගේ ශුක්රාණු සංඛ්‍යාව අඩුවී ඇති බවද විද්‍යාත්මකවම තහවුරු වී ඇත . අද්‍යතනව පෘතුවි ගෝලය සිසාරා ක්‍රියාත්මක කරවන කෘෂිකර්මාන්තය ජිව තාක්ෂණය මගින් ප්‍රති ව්‍යූහිකරණය කිරීම නිසා යාන්ත්‍රික ක්‍රියාවලින් හා කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය හා ජාන ඉංජිනේරුකරණය,සංස්ථායික කෘෂිකාර්මික ව්‍යාපාර ජාලයට අත්‍යවශ්‍යය.ඉංජිනේරුකරණය ශාක ,සත්ව ,හා මානව යන සියල්ලේම ජානමය පදනම වෙනස් කිරිමට උත්සාහය දරමින් සිටී.එම නිසා බොහෝ විට නැවත පිළියම් කළ නොහැකි සේ පාරිසරික තුල්‍යතාවයට හානි සිදු වෙනු ඇත.ජාන විද්‍යාවත් .දෙමුහුන් වර්ග වල ව්‍යාප්තීයත්. නිසා සාම්ප්‍රදායික බිජ වර්ග හා ජිව විවිධත්වයට තිවුර තර්ජන ඇතිවේ. 03 වන ලෝකයේ උතුරු ගෝලිය ආධාරවලින් පිහිටුවන නොයෙක් පර්යේෂණ මධයස්ථාන හා ජාන සම්පත් කේන්ද්‍ර ,කරණුයේ ,උතරු ගෝලිය ජාන බැංකුවලට දකුණු ගෝලිය ජාන සම්පත් උකහාගෙන පිටත් කිරීමය. අවසාන වශයෙන්,අධී තාක්ෂණික කෘෂිකර්මාන්තයේ අරමුණ හුදෙක් ස්වභාවධර්මය සංස්ථායීක පාලනයට යටත් කර ගැනීම පමණක් නොව ස්වභාවධර්මය ප්‍රතික්ෂේප කිරීමද විය හැකිය . ඊට උදාහරණයක් වශයෙන් 1987 ආර්ථික විද්‍යාව සදහා වූ නොබෙල් සම්මානයෙන් ඇගයීමට ලක් වූ ආර්ථික විද්‍යාඥ රෝබර්ට් සොලෝ(Robert Merton solow) ගේ ප්‍රකාශය වැදගත්ය . “ ඇත්ත වශයෙන් ස්වාභාවික සම්පත් නැතිව ලෝකයට පැවතිය හැකිය ; එනිසා සම්පත් ක්ෂයවීම එක් සිද්දියක් මිස,මහා ව්‍යසනයක් නොවේ ” ඔහුව විවෙචනය කරන්නන් කියනුයේ ඔහුට නොබෙල් සම්මානය ලැබුනේ ස්වාභාව ධර්මයෙන් ඈත්වීම පාදක කරගත් වර්ධනයට යන සංකල්පයට බව . මේ අනුව පැහැදිලි වනුයේ වස විස වලින් තොර ආහාර පාන වල අව්ශ්‍යත්වයයි .

Deshapriya's progress

0 voted
100 Deshapriya's goal
See more